ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට බිඛිල ශ්‍රී බෝධි-රුක්ඛාරාමය සහ රතුගල විහාරය යන උභය විහාරාධිපති බිඛිල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල්ලේ සෝරතහිමියන් පත්කර ඇත. ඒ සඳහා වූ පත්වීම්ලි පිය ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක හිමිපාණන්ව හන්සේ ඇතුළු සානුනායක කාරක සංඝ සභාව විසින් එම විහාරස්ථානයේදී 2026/03/23 වන දි​න උන්වහන්සේ වෙත පිරිනමන ලදි.

මෙම ධුරය දැරූ බිබිල බෝධිරුක්ඛාරාමාධිපති කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන්වහන්සේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරය සඳහා දොඩම්ගොල්ලේ සෝරත හිමියන් මෙලෙස පත්කර තිබේ. මෙම අවස්ථාවට වැලියාය සිරි පියරතන පරිවෙණාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුධම්ම, මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් (බිබිල සහ මොනරාගල) කන්දඋඩපංගුවේ සුගතනන්ද යන නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.

මේ සදහා පළ වූ දිණමිණ ලිපි​ය

Explore More

දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පීඩාවට පත්ව අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් සහසහනාධාර එකතු කිරීමේ අදියර කිහිපයක් බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මූලිකත්වයෙන් සිදුකරන ලදි. විහාරස්ථ දායක සභාව, බිබිල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, බිබිල පොලීසිය, බිබිල බෞද්ධ වෙළඳ සංගමය හා මහා වෙළඳ සංගමය ඇතුළු බිබිල ප්‍රදේශයේ පරිත්‍යාග ශීලී ජනතාව විසින් ගෙනවිත් භාරදුන් වියළි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය , පානීය ජල බෝතල් , ඇදුම් ආදී ද්‍රව්‍යමය ආධාර මහියංගනය , ලුණුගල , උඩුදුම්බර යන ප්‍රදේශ වල අසරණ වූ පවුල් වෙනුවෙන් ලබාදීම සදහා එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත අප විසින් පරිත්‍යාග කරන ලදි.