අපවත් වී වදාළ පූජ්‍ය කුඩාවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පිංකම හා ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට සියවසක් පිරීමේ පිංකම් මාලාව බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

  • 2025 ජුනි මස 14 – 🙏 ධර්ම දේශනය (පූජ්‍ය වරායායේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ)
  • 2025 ජුනි මස 15 – 🙏 සියක් නමක සංඝගත දක්ෂිණාව.

Explore More

දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පීඩාවට පත්ව අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් සහසහනාධාර එකතු කිරීමේ අදියර කිහිපයක් බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මූලිකත්වයෙන් සිදුකරන ලදි. විහාරස්ථ දායක සභාව, බිබිල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, බිබිල පොලීසිය, බිබිල බෞද්ධ වෙළඳ සංගමය හා මහා වෙළඳ සංගමය ඇතුළු බිබිල ප්‍රදේශයේ පරිත්‍යාග ශීලී ජනතාව විසින් ගෙනවිත් භාරදුන් වියළි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය , පානීය ජල බෝතල් , ඇදුම් ආදී ද්‍රව්‍යමය ආධාර මහියංගනය , ලුණුගල , උඩුදුම්බර යන ප්‍රදේශ වල අසරණ වූ පවුල් වෙනුවෙන් ලබාදීම සදහා එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත අප විසින් පරිත්‍යාග කරන ලදි.