දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පීඩාවට පත්ව අසරණ වූ අපේම ජනතාව වෙනුවෙන් සහසහනාධාර එකතු කිරීමේ අදියර කිහිපයක් බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය මූලිකත්වයෙන් සිදුකරන ලදි. විහාරස්ථ දායක සභාව, බිබිල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, බිබිල පොලීසිය, බිබිල බෞද්ධ වෙළඳ සංගමය හා මහා වෙළඳ සංගමය ඇතුළු බිබිල ප්‍රදේශයේ පරිත්‍යාග ශීලී ජනතාව විසින් ගෙනවිත් භාරදුන් වියළි සලාක , සනීපාරක්ෂක ද්‍රව්‍ය , පානීය ජල බෝතල් , ඇදුම් ආදී ද්‍රව්‍යමය ආධාර මහියංගනය , ලුණුගල , උඩුදුම්බර යන ප්‍රදේශ වල අසරණ වූ පවුල් වෙනුවෙන් ලබාදීම සදහා එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වෙත අප විසින් පරිත්‍යාග කරන ලදි.
January 14, 2026
0 Comments
Explore More
පන් සැත්තෑ විය සපිරී බිබිලේ නායක හාමුදුරුවෝ
කැන්දවින්න ක්ෂේත්රාරාම විහාරාධිපති, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, ශාස්ත්‍රවේදී පල්ලේකිරුවේ පියනන්ද හිමි. ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වය හා සබැඳි කීර්තිමත් සඟ පරපුරක් වන පොතුබන්ධන සංඝ පරම්පරාවට අයත් සංඝ පීතෘත් වහන්සේලා වෙතින්, සම්බුද්ධ
සියවසක් පිරීමේ පිංකම් මාලාව 2025
අපවත් වී වදාළ පූජ්‍ය කුඩාවිල හේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ පිංකම හා ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට සියවසක් පිරීමේ පිංකම් මාලාව බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
